Founder Massage

Dear Students, Parents, and Staff,

In ancient Sri Lanka, there was a temple-centered education system. It produced people with good skills and a pious personality. But there is almost nothing that can be done except passing the exam through the knowledge-based education created after the colonial era. So while we are in one place, the world is moving far past us.

There is almost nothing left to inherit except a weekly newspaper. Therefore, the ignorant society as well as those who call themselves intellectuals have become a great burden to the country.
At school age, children chase each other and stand up to each other. By trying to stand apart from each other, it will never be possible to build a righteous and strong personality or spend life lightly. Due to comparing each other and competing against each other, life can never be happy and relaxed. In the man-made competitive school system, part of the popular schools are created because popular schools go after money and make no effort to improve the quality of education.

The modern world needs a generation of children who are full of skills with a righteous personality full of sensitive attitude concepts. Without such a personality, it is not possible to create the universe-conquering personalities required by the future world in people who strive to compete with each other.

As the national education goals of a country cannot be fulfilled through this education pattern, the future of the children is getting darker and darker. Parents work so hard to build their children’s education with the aim of giving their children a world they have never seen. But in the end, the children get only a few standard pieces of paper as a certificate.

In a very challenging time, we decided to start Geliya Sri Sumedha Vidyalaya with the noble aspiration of producing citizens with a righteous personality suitable for the future world of work. We are making great efforts to create a friendly school by combining a religious environment and technology suitable for the modern world.

It is not an easy task in this era to create a fully equipped school with the latest equipment required for this purpose. But as a small seed becomes a plant and becomes a big tree, this school that we started will move forward step by step and surely become a necessary school for the sons and daughters of the area as well as the sons and daughters of the surrounding area. With the aim of achieving this noble goal, Gelioya Sri Sumedha Vidyalaya has been populated on 21/12/2021.

Warmest regards,
Galahaa Sirisantha himi

හිතවත් සිසුන්, දෙමාපියන් සහ කාර්ය මණ්ඩලය,

පුරාතන ශ්‍රී ලංකාවේ පැවැතියේ පන්සල කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක්‍රමයක්. එම එමඟින් දැහැමි පෞරුෂයකින් හෙබි මනා කුසලතාවයන්ගෙන් යුත් පුද්ගලයින් බිහි කරන ලදී. එහෙත් යටත් විජිත යුගයෙන් පසු ඇති කරන ලද දැනුම පදනම් කරගත් අධ්‍යාපනය තුළින් විභාගය සමත් වෙනවා හැර ඉන් කළ හැකි දෙයක් නැති තරම්ය. එබැවින් අප එක තැන ලත වෙද්දී ලෝකය අපි පසු කරමින් බොහෝ දුර ගමන් කරමින් තිබේ.

සතිකපත්‍රයක් හැර වෙනත් උරුම වෙන දෙයක් නැති තරම්. එබැවින් නූගත් සමාජය මෙන්ම උගතුන් බුද්ධිමතුන් යැයි කියාගන්නා අයද රටට මහත් බරක් වී ඇත.
පාසල් වයසේදීම දරුවන්ට එකිනෙකා හඹා යමින් අනෙකා පරයා නැගී සිටීමට අවස්ථාව සලසා දෙයි. මෙසේ එකිනෙකා පරයා නැගී සිටීමට දරන උත්සාහය නිසා කිසි දිනකත් දැහැමි ශක්තිමත් පෞර්ෂයක් ගොඩනැගීමට හෝ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවා දැමීමට නොහැකි වෙයි. එකිනෙකා දෙස සාපේක්ෂව බලමින් තරග වැදීම නිසා කිසි දිනකත් සතුටක් සැහැල්ලුවක් ජීවිතයට ලැබිය නොහැක. මිනිසාම ගොඩනැගී ඇති තරගකාරී පාසල් පද්ධතිය තුළ කොටසක් ජනප්‍රිය පාසල් ලෙස නිර්මාණය වීම නිසා ජනප්‍රිය පාසල් මුදල් පසුපස යනවා මිසක අධ්‍යාපනය ගුණාත්මකභාවය වර්ධනය කිරීමට කිසිදු උත්සාහයක් නොගනී.

නූතන ලෝකයට අවශ්‍ය වන්නේ සංවේදී ආකල්ප සංකල්පයන්ගෙන් පිරිපුන් දැහැමි පෞරුෂයකින් හෙබි කුසලතාවයන්ගෙන් පිරිපුන් දරු පරපුරකි. එබඳු පෞරුෂයකින් මිස එකිනෙකා පරයා නැගී සිටීමට තරගකාරීව උත්සාහ දරන පුද්ගලයින් තුළ අනාගත ලෝකයට අවශ්‍ය කරන විශ්වය ජයගත හැකි පෞරුෂයන් නිර්මාණය කළ නොහැක.

මෙම අධ්‍යාපන රටාව තුළින් රටක ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කර ගත නොහැකි වන්නාසේම දරුවන්ගේ අනාගතය ද අඳුරෙන් අඳුරට පත්වේ. දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනැගීම උදෙසා දෙමාපියන් මෙතරම්ම වෙහෙස මහන්සි ගන්නේ තමන් නොදුටු ලෝකයේ දරුවන්ට හෝ හිමිකර දීමේ අරමුණ ඇතිවයි. එහෙත් අවසානයේ දරුවන්ට හිමිවන්නේ සහතිකයැයි සම්මත කොළ කෑලි ටිකක් පමණි.

ඉතාම අභියෝගාත්මක කාලයක් තුළ අප ගෙලිය ශ්‍රී සුමේධ විද්‍යාලය ආරම්භ කරන්නට අදහස් කළේ අනාගත වැඩ ලෝකයට ගැලපෙන දැහැමි පෞරුෂත්වයකින් හෙබි පුරවැසියන් බිහි කිරීමේ උදාර අභිලාශයෙනි. ඒ සඳහා අවශ්‍ය කරන ආගමානුකූල පරිසරයක් හා නූතන ලෝකයට ගැලපෙන තාක්ෂණය මුසුකරමින් සුහුරු පාසලක් නිර්මාණය කිරීම වෙනුවෙන් අප ඉමහත් කැප වෙමින් සිටිමු.

මේ සඳහා අවශ්‍ය කරන නවීනතම අංගෝපාංගයන්ගෙන් යුත් අංග සම්පූර්ණ පාසලක් එකවර නිර්මාණය කිරීම මෙම යුගයේ පහසු කාර්යයක් නොවේ. එහෙත් පුංචි බීජයක් පැළයක් වී මහා වෘක්ෂයක් වන්නාසේ අප ආරම්භ කළ මෙම පාසල පියවරෙන් පියවර ඉදිරිය කරා ගමන් කරමින් ප්‍රදේශයේ දූ පුතුන්ට මෙන්ම අවට ප්‍රදේශවාසීදූ පුතුන්ටත් අවශ්‍යම පාසලක් බවට පත්වනු නිසැකයි. මෙම උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ගෙලිඔය ශ්‍රී සුමේධ විද්‍යාලය 2021/12/21 දින සුභ මොහොතින් මෙම විද්‍යාලය ජනගත කළ වගයි.

උණුසුම් සුභ පැතුම්,
ගලහා සිරිශාන්ත හිමි

Scroll to Top