ගෙලිඔය ශ්‍රී සුමේධ විද්‍යාලය ජනගත කිරීම

ප්‍රදේශයට අවශ්‍ය කරන ආගමික පරිසරයකින් යුත් යහපත් පාසලක් නිර්මාණය කිරීමේ උදාර අභිලාෂයෙන් යුක්තව ගෙලිඔයේ ශ්‍රී සුමේධ විද්‍යාලය 2021/12/21 දින මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක අග්‍ර මහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන මහානායක මහා වහන්සේගේ නායකත්වයෙන්, මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජනායක නැද්දගමුවේ විජයමෛත්‍රිය අභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක අධ්‍යාපනයේදී ගොඩමුන්නේ පඤ්ඤාකිත්‍යාව විධාන නායක ස්වාමීන් වහන්සේ, සේමෝපාලි වංශික මහානිකායේ දෙනුවර ප්‍රධාන අධිකරණ සංඝනායක
හත්නාගොඩ රාජ මහා විහාරාධිපති තලවතුරේ පඤ්ඤාකිත්‍යාවිධාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමන්ගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍යවර ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් ජනගත කරන ලදී.

අප විද්‍යාලයේ පළමු ශිෂ්‍යයා පාසලට ඇතුළත් කරන ලද්දේ සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කර තිස්ස අත්තනායක මැතිතුමාගේ සුරතිනි. මේ සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්, මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්, දේනුවර කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය උඩුනුවර කොට්ටාශයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

Scroll to Top